සමාජ මාධ්‍යය බලපෑම.
සමාජ මාධ්‍ය බලපෑම.
සමාජ මාධ්‍යය පිළිබඳ කෙටි හැඳින්වීමක්.
ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත් වීමට
හේතු කාරනා සොයා බැලීමේ දී ඉහලින්ම ඇත්තේ අන්තර්ජාලයේ ආරම්භයයි. අන්තර්ජාලය තුළින්
පැනනැගි සමාජ මාධ්‍යය එක්තරා ආකාරයක අන්තර්ජාල වේදිකාවක් වශයෙන් හැඳින්විය හැකිය. එක
හා සමාන පෞද්ගලික හෝ වෘත්තීය අවශ්‍යතා ක්‍රියාකාරකම් ජිවින සම්බන්දතා වැනි දෑ
අනෙකුත් මිනිසුන් සමඟ හුවමාරු කිරීමට මෙම සමාජ මාධ්‍යය අද සමාජය තුළ බෙහෙවින්
භාවිතා කරයි. අද වන විට මේ හරහා ඩිජිටල් රූප රාමු, විඩියෝ, අදහස්, තොරතුරු,
පින්තුර හුවමාරු වීම් සිදුවන අතර සැබෑ ලෝකයේ ක්‍රියාකාරකම් සහ සිදුවීම් ගැන අන්
අයට එම මොහොතේම දැනුම් දීමට මෙමගින් ඉඩහසර විවර වී ඇත.
ප්‍රධාන සමාජ මාධ්‍යයක් වශයෙන් ලොව අංක
එකේ පවතින්නේ මුහුණු පොතයි. 2004 වසරේ ආරම්භ වු මුහුණු පොත හාවඞ් සරසවි සිසුන් වන ඇන්ඩෘ මැකලම්, ක්‍රිස්
හියුස්, ඩස්ටින් මොස්කොවිස්ට්ස් හා මාර්ක් සකර්බර්ග් යන අයගේ නිර්මාණයකි. අද වන
විට ලෝකය පුරා මිලියන 1600 ට වඩා පිරිසක් ‘මුහුණු පොත’ වටා ඒකරාශී වී ඇත. 2006 වර්ෂයේ දී ආරම්භ වු “ට්විටර්” ද ලෝකයේ වැඩි වශයෙන් භාවිතා වන සමාජ මාධ්‍යයක් වශයෙන් හැඳින්විය
හැකිය. බොහෝ රාජ්‍ය නායකයින් තම පණිවිඩ නිකුත් කිරීමට භාවිතා කරන්නේ ට්විටර් සමාජ
මාධ්‍යය යි. ජැක් ඩොසි, නෝආ ග්ලාස්, එවන් විලියම්ස්, බිස් ස්ට්‍රොන් විසින් මෙම ට්විටර්
සමාජ ජාලය ආරම්භ කරන ලදී.
වත්මන් පරම්පරාවේ බහුලව භාවිතා වන
වයිබර් 2010-12-02 දින ටල්මන් මාකෝ, ඉගෝ මැගසනික් විසින්
ආරම්භ කරන ලද අතර විඩියෝ රූප රමු තවත් අය සමඟ හුවමාරු කර ගැනීමට භාවිතා කරනු ලබන
ඉතා ඉක්මනින් වර්ධනය වන සමාජ ජාලයකි. 2009 වසරේ බ්‍රයන් ඇක්ෂන් හා ජෑන් කොවුම් විසින්
ආරම්භ කරන ලද “වට්ස්ඇප්” කෙටි පණිවිඩ, විඩියෝ, ඡායාරූප හුවමාරු කිරීමට හා විඩියෝ
ඇමතුම් ලබා ගත හැකි තවත් සමාජ ජාලයකි. එමෙන්ම ඉන්ස්ටග්‍රෑම්, යු ටියුබ්,
පින්ටරෙස්ට් වැනි සමාජ ජාල ද සීග්‍රයෙන් සමාජ ආකර්ෂණය දිනා ගත් සමාජ මාධ්‍යය
වශයෙන් දැක්විය හැකිය.
සමාජ මාධ්‍යය බලපෑම හඳුනා ගනිමු.
ඕනෑම නව නිපැයුමක යම්කිසි බලපෑමක්
අරමුණු කොට කරන ලද්දක් වේ. මේ අනුව සමාජ මාධ්‍යය වනාහි සමාජයට බොහෝ බලපෑම් කළ හැකි
ඉතා වේගවත් සන්නිවේදන ජාලයකි. වර්තමානය වන විට සමාජ ජාල හරහා ක්‍රියාත්මක වන
පෞද්ගලික ගිණුම් ප්‍රමාණය බිලියන ගණනකි. පුද්ගලයින්ගේ තනිකම, හැඟීම් වැනි දෑ සමාජ
ජාල භාවිතා කිරීමට තෙරපුමක් ඇති කරන අතර මේ හරහා මානසික පීඩනය ද ඉහල මට්ටමකට
පත්වීමේ ඉඩකඩඇති බවට පරීක්ෂණ මඟින් හෙලිදරව් වී ඇත. අද වන විට ස්මාට් ජංගම දුරකථන
හරහා සමාජ මාධ්‍යය භාවිතා කරනු පිරිස ඉහල යමින් ඇති අතර අප රටේ සමස්ත ජනගහන්යෙන් 32% ක් 2019 වන විට අන්තර්ජාලය භාවිතා කරයි. සමාජ මාධ්‍යය
ලක්ෂ 60 ප්‍රමාණයක් භාවිතා කරනු ලබයි. එම ලක්ෂ
60 න් 92% ක් භාවිතා කරන්නේ ජංගම දුරකථනයි. මේ හෙයින්
ලැප්ටොප් පරිගනක ඩෙක්ස්ටොප් පරිගනක භාවිතය 11% සිට 23% දක්වා පහත වැටී ඇත. මේ අනුව පැහැදිලි වන්නේ
සමාජ මාධ්‍යය ඉතා සීග්‍රයෙන් පොදු ජන සමාජයේ සන්නිවේදන පරාසය ආක්‍රමණය කරමින්
තිබෙන බවයි.
සමාජ මාධ්‍යය බලපෑම යහපත් ලෙස හා
අයහපත් වශයෙන් ද ගත හැකි වේ. එම බලපෑම සමාජයේ සෑම අංශයක් කරාම ගමන් කොට ඇත. එමගින්
සමාජය විප්ලවීය වශයෙන් වෙනස් වී ඇති අතර එය යහපත් හා අයහපත් වශයෙන් සමාජය තුළ උඩු
දුවන්නක් වී ඇත.
- .සන්නිවේදනමය වශයෙන් සමාජ මාධ්‍යය බලපෑම.
මිනිසා ක්‍රමවත් සන්නිවේදනය පෙරටු
කරගත් ලොව එකම ජිවියා වන අතර සන්නිවේදනයෙන් තොර මානව සබඳතා පවත්වා ගැනීම ද උගහටය.
සමාජ මාධ්‍යය හටගන්නේම වේගවත් පුළුල් වූ සන්නිවේදනයක් බලාපොරොතුවෙනි. තොරතුරු
බෙදා හැරීමේ පහසුව සමාජ මාධ්‍යය ඔස්සේ සිදුවේ. එය යහපත් බලපෑමක් වශයෙන් ගත හැකිය.
එක් ස්ථානයක සිදු වූ සිදු වීමක් එසැනින්ම තවත් ස්ථානයක සිට දැනගැනීමේ හැකියාව සමාජ
මාධ්‍යය මඟින් ලැබෙන ඉතාමත් වාසිදායක බලපෑමකි. එමෙන්ම සාමාන්‍යය ජිවිතයේ හා සමාජ
ගත පිරිස් සමඟ ජාලගත වීමේ හැකියාව හා ලෝකයම විශ්ව ගම්මානයක් බවට සන්නිවේදනය තුළින්
පත්වීම සමාජ මාධ්‍යය ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයකි. මෑතක දී ශ්‍රි ලංකාව තුළ ඇති
වු ගංවතුර තත්ත්වයන්හි දී ආපදා වලට ගොදුරුව සිටි බොහෝ දෙනෙකුට සහන සැලසීමටත්
ඔවුන්ට ඉදිරි දින සඳහා උදවු කිරීමටත් රජය හා සාමාන්‍ය ජනයාගේ සහභාගීත්වය මෙන්ම
දැනුවත් භාවය ද ඇති වුයේ සමාජ මාධ්‍යය හේතු කොටගෙනයි. ඒ අනුව සමාජ මාධ්‍යය තුළින්
සන්නිවේදනය පුළුල් වීම ඉතා ප්‍රායෝජනවත් ලෙස සමාජයට
බලපා ඇත.සන්නිවේදන කෘත්‍යයේ දී සමාජ මාධ්‍යය මහඟු කාර්යයක් සිදු කල ද එය අනික්
පැත්තෙන් බලන විට මනුෂ්‍යයාගේ සංවේදී බාවය අඩු වීමක් මෙතුළින් සිදුවන බව දැකිය
හැකිය. යමෙකු දුකට පත් වු විට එය සඳහා සමාජ මාධ්‍යයන්ගේ භාවිතා වන ඉමෝජි හෝ කෙටි
පණිවිඩයක් යුතුකමක් වශයෙන් පමණක් යැවීම සිදු කිරීම අභාග්‍ය සම්පන්න තත්ත්වයකි.
එකිනෙකා හමුව මුහුණට මුහුලා සිදු කරන කතාබස් සමාජ මාධ්‍යය ඔස්සේ Group chat මඟින් සිදුකර ගැනීම නිසා ද සමාජ සබඳතා
කෘතිම බවක් ගෙන ඇති බවක් පෙනේ.
- සමාජීය හා සංස්කෘතික වශයෙන් සමාජ මාධ්‍යය බලපෑම.
වර්තමාන සමාජය ප්‍රදේශයකට පමණක් සීමා
වූ සමාජයක් වශයෙන් හැඳින්විය නොහැක. විවිධ භාෂා, විවිධ ඇඳුම් විලාසිතා, විවිධ ආහාර රටාවන්, විවිධ සංගීත රටාවන්, නාට්‍යය නර්තන ශෛලීන් යනාදියෙන් මුළු
මහත් ලෝකයම විශාල ගමක්ව පවතී. සමාජ මාධ්‍ය හේතුවෙන් එකී මෙකී නොකී විවිධ සම්ප්‍රධායන්
ලෝකය පුරා නිදහසේ ගමන් කරන අතර ඒවා තම සංස්කෘතියට ඈදා ගැනීමටත් තමන් අත්හදා
බැලීමටත් මිනිසුන් යොමු වේ. වර්තමානයේ ශ්‍රී ලංකාව තුල රට ලස්සන කිරිමේ ව්‍යාපෘතියක්
තරුණ තරුණියන් අතර වර්ධනය වෙමින් පවතී. සෑම තාප්පයකම හෝ ඉඩක් ඇති සෑම තැනකම චිත්‍ර
ඇඳ අලංකාර කිරීමට ඔවුන් කටයුතු කරයි. එමඟින් මැතිවරණ කාළ වලදී දැන්වීම් අලවා
පරිසරය අපිරිසිදු කිරීමේ හැකියාවක් නැත. එය යහපත් ආකාරයේ සමාජ ප්‍රවනතාවයකි. පුරන්
කුඹුරු අස්වැද්දීම ද මෙලෙස සමාජ මාධ්‍යය නිසා තරුණ ප්‍රජාව පොළඹවාලූ ක්‍රියාවකි.
එමෙන්ම විදේශ තරුණ තරුණියන් අපිරිසිදු ස්ථානයන් තෝරා ගෙන එය පිරිසිදු කොට එහි
ඡායාරූප සමාජ මාධ්‍යයට මුදා හැරීම තුළින් එය අද වන විට ලංකාවේ තරුණ තරුණියන් අතරද ප්‍රචලිතව
පවතින නව ප්‍රවණතාවයකි.
සමාජ මාධ්‍යය වල ප්‍රධාන අයහපත්
බලපෑමක් ලෙස අනන්‍යතාවය සැඟවීමට හැකි වීම පෙන්වා දිය හැකිය. මෙය බොහෝ අවිචාරකම්
සිදු වීමට හේතුවක් වී ඇත. එක් එක් රටකට අනන්‍ය වූ සංස්කෘතියක් පවතී. සමාජ මාධ්‍ය
විසරණය තුළින් වර්තමානයේ දැකිය හැක්කේ මිශ්‍ර වූ සංස්කෘතියකි. භාෂාව ගත් විට සිංහල
භාෂාව සමඟ බොහොමයක් ඉංග්‍රිසි වචන මිශ්‍ර කොට භාවිතා කොට කතා කිරීම වර්තමාන තරුණ
පරපුර අතර ප්‍රවනතාවයක් බවට පත්ව ඇති බවක් පෙනේ. එමෙන්ම සමහර සිංහල වචන කෙටි කොට
භාවිතා කරයි. උදාහරණයක් වශයෙන් ‘අනිවාර්යෙන් ’යන්න ‘අනිවා’යනුවෙන් සඳහන් කිරීම පෙන්වා දිය හැකිය. බොහෝ අවස්ථා වල තරුණ තරුණියන්
ලාංකීය සංස්කෘතියට නොගැලපෙන ඇඳුම් පැළදුම් විලාසිතා කිරීමට පෙළබෙන්නේ සමාජ මාධ්‍යය
තුළ තිබෙන විවිධ විලාසිතාවන් අනුගමනය කරමිනි. ඉහල පෙලේ ආපනශාලා කරා ගොස් තමන් කෑමට
ගන්නා ආහාර සමඟ තමන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යයට මුදා හරින මානසිකත්වයකට අද පරපුර
පත්ව තිබේ. ශ්‍රි ලංකාව තුළ සමාජ මාධ්‍යය හේතු කොටගෙන සිදු වු පළමු සියදිවි නසා
ගැනීම පාදුක්ක ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි. එක් දරු මවක් වන කාන්තාවක් තරුණයෙකු සමඟ
මුහුණු පොත හරහා අනියම් සබඳතාවක් ගෙන යැමෙන් මෙය සිදුවිය. මේ අනුව සංස්කෘතියට
නොගැලපෙන සබඳතා වල පැටලීමට සමාජ මාධ්‍යය හේතුවක් වන බව පෙනේ. මුහුණු පොත හරහා සමාජ
සංස්කෘතියට නොගැලපෙන මත් සාද පැවැත්වීමට ද සමාජ මාධ්‍යය හේතුවක් වී ඇත. වර්තමාන
සමාජය තුළ අපරාද සඳහා මඟ පාදනු ප්‍රධාන මෙවලමක් ලෙස සමාජ මාධ්‍යය පෙන්වා දිය හැකිය.
නිතියට පටහැනි ක්‍රියාවන් සිදු කිරීමට සමාජ මාධ්‍යය යොදා ගත හැකි අතර අපරාධසදහා
පෙළඹවීක් ද එතුළින් සිදු වේ. නමුත් වරද කරුවන්ට නිතිය ක්‍රියාත්මක වීමක් ද සමාජ
මාධ්‍යය හරහා සිදුවන බවට උදාහරණයක් ලෙස මෑතක දී අවු- 13 ක දරුවෙකුට පහර දීමේ සිදුවීම පෙන්වා
දිය හැකිය.
- ආර්ථිකමය වශයෙන් සමාජ මාධ්‍යය බලපෑම.
අද වන විට සමාජ මාධ්‍යය යනු හුදෙක්
පුද්ගලික අවශ්‍යතා සඳහා පමණක් භාවිතා වීමෙන් වෙනස්ව කුඩා සහ මධ්‍යය පරිමාණ ව්‍යාපාරයන්ගේ
සිට විවිධ ක්ෂේත්‍රයන්ගේ මහා පරිමාණ ව්‍යාපාර තම සේවකයන් හා සේවාලාභීන් අතර පණිවිඩ
හුවමාරු කර ගැනීම සඳහා සමාජ මාධ්‍යය උදවු කොට ගනී. Skype මාධ්‍යය වර්තමානයේ දී බෙහෙවින් ප්‍රචලිතව
ඇත. රාජ්‍ය ආයතනද වර්තමානය වන විට සන්නිවේදනය සඳහා සමාජ මාධ්‍යය භාවිතා කරයි.
එමෙන්ම සංචාරක ව්‍යාපාරය සැලකුවහොත් අප රටට පැමිණෙන බොහෝ සංචාරකයින්ගේ සන්නිවේදන අවශ්‍යතා
හෝටල් ප්‍රවාහන සම්බන්ධීකරණ කටයුතු සඳහාත් සංචාරක ප්‍රවර්ධන කටයුතුත් සිදු වන්නේ
සමාජ මාධ්‍යය හරහාය. වර්තමානයේ දී තරුණ තරුණියන් සමාජ මාධ්‍යය උපයෝගී කර ගනිමින්
නව රැකියා අවස්ථා බිහිකර ගනී. You Tube Channel මෙයට උදාහරණයකි. මෙය ආර්ථිකයට මෙන්ම රැකියා
ගැටලුවට ද විසදුමක් වී ඇත. එමෙන්ම තමන් සිදු කරන ස්වයං රැකියාවන් පිළිබඳව අන් අයව
දැනුවත් කිරීමට සමාජ මාධ්‍යය භාවිතා කළ හැක. භාණ්ඩ විකිණීම මෙන්ම භාණ්ඩ මිලදී
ගැනීමටද සමාජ මාධ්‍යය භාවිතයෙන් හැකියාව ලැබේ.
- අධ්‍යාපනික වශයෙන් සමාජ මාධ්‍යයේ බලපෑම.
තොරතුරු දැනගැනීමේ පහසුම මාධ්‍යයක් ලෙස සමාජ මාධ්‍ය
ඉහළින්ම සිටි. දැනුම වර්ධනය කර ගැනීමට වර්තමානයේ පොත් කියවීමට අවශ්‍ය නැති තත්ත්වයක්
ගොඩනැගී ඇත. ඒ අනුව තමන් නොදන්නා දෙයක් පිළිබඳව මිතුරන් අතර දැනුම හා තොරතුරු
හුවමාරු කර ගැනීම තුළින් දැනගත හැකිය. එමෙන්ම ජාතික වශයෙන් සහ ලෝක මට්ටමෙන් දැනුම
හුවමාරැ කරගත හැකිය. සමාජ මාධ්‍ය මගින් විවිධ ක්ෂේත්‍රයන්ට අදාලව මුහුණු පොතේ
තොරතුරු සඳහන් වීම ඉතා ප්‍රචලිතව පවතින අධ්‍යාපනික අවස්ථාවකි. එමෙන්ම වෙනත් භාෂා
ඉගෙනීම, අධ්‍යාපනය ප්‍රියජනක වීම,ක්ෂණිකව
අවශ්‍ය තොරතුරු ලබාගත හැකිවීම මෙන්ම ලෝකය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට හැකිවීමත්
සමාජ මාධ්‍ය මගින් අධ්‍යාපනයට සිදුකරන බලපෑම අතර වෙයි. විවිධ ජන කණ්ඩායම් හා
සංස්කෘතීන් පිළිබඳ හඳුනාගැනීමට හැකිවීම මත සාමයෙන් ජීවත් වීමේ පරිසරයක්අපට නිර්මාණය
කරගත හැකිය.අධ්‍යාපන අංශයෙන් සමාජ
මාධ්‍යය සැලකියයුතු සේවාවක් සිදු කරන අතරම
දැනුම සොයන්නන් අලස කර ඇති බවක් පෙනේ. ක්ෂණික ව තොරතුරු සොයා ගැනීමේ හැකියාව පවතින
විටදී කිසිවෙක් පොත පතින් දැනුම සොයන්නට උත්සාහ නොගනී. එමගින් සෙවීමෙන් දැනගැනීමට හැකිවන විශාල කරුණු
ප්‍රමාණයක් මගහැරී යයි. එමෙන්ම සමාජ මාධ්‍යය ජාල ඔස්සේ පතුරුවා හරිනු ලබන සාවද්‍ය
තොරතුරු ව්‍යාජ ප්‍රවෘත්ති නිසා ද නිවැරැදි අධ්‍යාපනයක් සමාජ මාධ්‍ය තුළින් ලබාගත
නොහැකිය.
- විනෝදාස්වාදය සදහා සමාජ මාධ්‍ය බලපෑම.
සමාජ මාධ්‍ය විසින් සිදු කරන ප්‍රධාන කාර්යයක්
ලෙස විනෝදාස්වාදය සැපයීම පෙන්වා දිය හැකිය. සමාජ මාධ්‍ය මගින් පුද්ගලයාගේ හුදෙකලා
බව නැති කොට පුද්ගලයාගේ මානසික තත්ත්වය ඉහළ නැන්වීමට කටයුතු කරයි. සමාජ මාධ්‍ය
තුළින් විවිධ ක්‍රීඩා සිදුකළ හැක. විවිධ පොත්පත් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය මගින්
ගෙනෙන විනෝදාත්මක දේ අත්දැකීමට හැකි වේ. පුද්ගලයාට ඇති සමාජමය ,මානසික හා ශාරීරික වශයෙන් ඇති ගැටළුකාරී දේ මොහොතකට අමතක කොට සමාජ මාධ්‍යයට යොමු විය හැකි පරිසරයක් ඒතුල ඇත. විශේෂ අවශ්‍යතා ඇති අයට පවා සමාජ මාධ්‍යය හරහා විනෝදයට පත් විය හැකිය.සිය හිතමිතුරන් ෙකෙතරම් දුරක සිටියද තමා අසලින්ම සිටින අයුරින් විනෝදයෙන් කාලය ගත කිරීමේ හැකියාවක් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් හට ලැබේ.හුදෙකලා බව නැති කිරීමේ මාධ්‍යයක් ලෙස සමාජ මාධ්‍යය පීළිගත්තද සබවින්ම අප බාහිර සමාජය තුළ හුදෙකලා වීමක් සිදුවනවා යන සත්‍ය අප වටහා ගත යුතුය.
- දේශපාලන වශයෙන් සමාජ මාධ්‍යයේ බලපෑම.
සමාජ මාධ්‍ය දේශපාලන ක්ෂේත්‍රය තුළ මහජන මතය තීරණය කිරීමට විශාල වශයෙන් දායක වේ. ජනාධිපතිවරයෙකු පත් කිරීමටද
බලයෙන් පහ කිරීමටද සමාජ මාධ්‍යය ක්‍රියාකාරීන්ට හැකිය. ජාත්‍යන්තරව ප්‍රමුඛ අවධානයක් යොමු වූ සිදුවීමක් ලෙස
අරාබි වසන්තය නැමැති බල පෙරළිය ගත හැකිය. ඒකාධිපති රාජ්‍ය නායකයින්ට විරුද්ධව ජනයා
සමාජ මාධ්‍ය භාවිතය ඔස්සේ සංවිධානය වූ බව අරාබි වසන්තය තුළදී අසන්නට ලැබුණු ප්‍රධානතම කරුණකි. අරාබි වසන්තය නමැති
මහජන නැගීම ආරම්භ වන්නේ 2010 වසරේ ටියුනීසියාවේ දීය. පලතුරු
වෙළෙන්‌දෙක් විසින් තමාට පොලිසියෙන් සාධාරණයක් ඉටු නොවූ බව ප්‍රකාශ කරමින් සිරැරට ගිනි තබාගැනීමෙනිි.එයින් ජනතා අරගල ඇති වූ අතර රාජ්‍ය නායකයා බලයෙන් පහ විය. අනතුරුව
ඊජිප්තුව ලිබියාව හා යේමනය තුළද මෙසේ මහජන නැගිටීම් සිදුවීමට මෙය ප්‍රධාන හේතුවක් වූයේ සමාජ මාධ්‍ය කරණ කොට ගෙනය. මෙවැනි ජනතා
නැගීටිම් "සයිබර් විප්ලව" වශයෙන් හඳුන්වයි.මෙය ආදර්ශයට ගත් ශ්‍රී ලංකාව තුළ ද "දේදුනු විප්ලවය" නමින් සයිබර් විප්ලවයක් ඇති ව්ය.ඒ මහින්ද
රාජපක්ෂ මහතා තෙවන වරටත් ජනාධිපති වීම වැළැක්වීමටයි. එමෙන්ම හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ට් තරඟ වැදී අමෙරිකානු ජනාධිපතිවරණයේදී හිලරි ක්ලින්ටන් ග්‍රහණය කරන බවට
සමීක්ෂණ වාර්තා පැවසුවත් ජයග්‍රහණය කළේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට් ය. ඒ සඳහා
සමාජ මාධ්‍ය බෙහෙවින් බලපාන ලදී. දේශපාලන තනතුරු දරන පුද්ගලයන් බලයට ගෙන ඒමටත්
බලයෙන් පහ කිරීමටත් සමාජ මාධ්‍යය මගින් සකසන මහජන මතය බෙහෙවින් ඉවහල්ව ඇත.
- සෞඛ්‍යමය වශයෙන් සමාජ මාධ්‍ය බලපෑම.
"ආරෝග්‍යා පරමාලාභා" මෙම බුදු වදනින් සඳහන් කරන්නේ නිරෝගීකම පරම ලාභය බවයි. එහෙත්
සමාජ මාධ්‍ය භාවිතයෙන් අපේ සෞඛ්‍යට හානි වන බව ඔබ මොහොතකටවත් සිතුවේ ද? එය සත්‍යයකි. දැනට
සමීක්ෂණවලින් සොයාගෙන ඇති පරිදි අන්තර්ජාලය භාවිතා කරන්නන්ගෙන් 5% ත් 10% ත් අතර ප්‍රමාණයකට තමන් online සිටින කාළ සීමාව පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයකින් පසුවේ. මෙම තත්ත්වයට පත්් වී ඇති පුද්ගලයෙකුගේ මොළය
ස්කෑන් කිරීමකින් පෙනී ගියේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන්ගේ මොළයේ දුර්වල වී ඇති
ප්‍රදේශයන් ඒ අයුරින්ම මොවුන්ගේ ද දුර්වල වී ඇති බවයි. එමෙන්ම රැකියාවේ සිටින
අතරතුර අන්තර්ජාලයේ වැඩ කිහිපයක නිරත වීමෙන් බාධා කිරීම් වෙන්කර හදුනාගැනීමට හැකි
මොලේ හැකියාව අඩු වී යන බව සමීක්ෂණ වලින් සොයා ගෙන ඇත. මතක ශක්තියද අවධානය අඩුවීම ද මෙහිදී
සිදු වේ. phantom vibration syndrome ලෙස හැඳින්වෙන රෝගයද සමාජ
මාධ්‍ය භාවිතයෙන් ඇතිවන රෝගයකි. මෙහිදී දුරකථනය නාද වනවා යනුවෙන් අපට දැනුණ ද
සැබැවින්ම දුරකථනය එසේ නාද වී නොමැත. ඒ අනුව පෙනී යන්නේ එය අපේ ස්නායු පද්ධතියට බලපාන බවයි. එසේම
සමාජ මාධ්‍ය භාවිතයෙන් ඩොපමයින් නම් වූ සතුට උත්තේජනය කරන රසායනය නිකුත් වේ. සමාජ මාධ්‍යය තුළ අප අප පිළිබදව පමණක් කතා කරයි.සැබහින් දෙදෙනෙකු මුණ ගැසී කතා කිරීමේදී එය සමබර ආකාරයක් දරයි.සමාජ මාධ්‍යය භාව්තයේදී තමන්ට රසිකයන් පිරිසක් සිටින බව අවබෝධ වීමෙන් මෙම උත්තේජනය තවත් තිව්‍රර වේ.
ඇමරිකානු මානසික වෛද්‍යවරැන්ට අනුව සමාජ මාධ්‍යය පැය දෙකකට වඩා භාවිතයෙන් ඔවුන් සමාජයෙන් හුදෙකලා බවට පත් වේ. විනෝදය සපයා ගැනීමේ ප්‍රධාන මාධ්‍ය්‍යක් ලෙස සලකා කටයුතු කරන සමාජ මාධ්‍යය නිසා සමාජ බැදියාවන්,මිත්‍රකම් මෙන්ම ක්‍රියාශිලි නොවිම මත ශරීර සෞඛ්‍යයද පිරිහී යයි. එසේම දීර්ඝ වේලාවක් භාවිතයෙන් ඇස් පෙනීමේ හා කන් ඇසීමේ අඩුලුහුඩුකම් ඇති වේ. මේ අයුරින් සමාජ මාධ්‍යය බලපෑම විග්‍රහ කළ හැකිය.
සමාජ මාධ්‍ය සංස්කෘතිය - සුරෝෂණ ඉරංග.
මාධ්‍යය හා නව මාධ්‍ය ඉතිහාසය - මනෝජ් පුෂ්පකුමාර ජිනදාස
https://divaina.com.
MACO 3209.3
AR84966
AF/15/11823



Comments
Post a Comment